පෙළපොත් නිකුත් කිරීමේ පළමු අදියර අවසන් The first phase of textbook release is over

 අප පාසලේ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් වෙත පෙළපොත් නිකුත් කිරීමේ පළමු අදියර මේ වන විට අවසන් කර ඇත. මෙසේ සිසුන් වෙත ලබාදුන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 2021 වර්ෂයට  අදාළව ලබාදුන් නව පෙළපොත් ප්‍රමාණයයි. 

දෙවන අදියර ලෙස දරුවන් භාවිත කළ පෙළපොත් ලබාගෙන පාසල් ඇරඹීමෙන් පසුව නිකුත් කිරීමට නියමිතය. එතෙක් සිසු දරු දැරියන් වෙත නිකුත් කළ නව පෙළපොත් සහ තමන් සතුව ඇති පෙළපොත් පරිහරණය කරමින් අධ්‍යාපන කටයුතු වල නිරත විය යුතුය.  සිසු දරු දැරියන් සතුව ඇති ඔබ භාවිත කළ 2020 වර්ෂයට අදාළ පෙළපොත් සුරක්ෂිතව තබා ගත යුතු ය.

The first phase of issuing textbooks to the students studying in our school from grade 6 to grade 11 has been completed by now. The new textbooks for the year 2021 provided by the Department of Educational Publications were given to the students.

In the second phase, textbooks used by children will be obtained and issued after the commencement of schools. Until then, students should engage in educational activities using the new textbooks issued to them and the textbooks they have.

Keep the textbooks for the year 2020 that you have used which are in the possession of the students.